විශ්‍රාම ගැන්වීමේ වයස වෙනුවෙන් සටන් වැදුණු 120ක් අත්අඩංගුවට ගත් රටක් (VIDEO )

විශ්‍රාම ගැන්වීමේ වයස වෙනුවෙන් සටන් වැදුණු 120ක් අත්අඩංගුවට ගත් රටක් (VIDEO )

පාර්ලිමේන්තුවේ ඡන්දයකින් තොරව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ප්‍රංශ රජය තීරණය කිරීමත් සමග පැරිස් පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් ඇතිව තිබෙනවා.

විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් de la Concorde ස්ථානය වෙත රැස්ව ජනතාව රැස්වුණා.

මෙම හේතුව නිසා මාස දෙකක පමණ කාලයක් දේශපාලන විවාද මෙන්ම වැඩ වර්ජනද ක්‍රියාත්මක කෙරුණා

මතභේදයට තුඩු දුන් මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කිරීමට මිනිත්තු කිහිපයකට පෙර අගමැතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ බහුතරයක් දිනා ගැනීමේ විශ්වාසයක් නොමැති බැවින් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මෙම පියවර විපක්ෂයේ දේශපාලනඥයන් අතර කෝපයට හේතුවූ අතර බොහෝ දෙනෙක් අගමැතිවරයාට සමච්චල් කරමින් පාර්ලිමේන්තුව තුළද විරෝධතා මතු කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මෙම පියවර ප්‍රතික්ෂේප කිරීම සඳහා දහස් ගණන් ජනතාව නගරවල වීදිවලට පැමිණ, ජාතික ගීය ගායනා කරමින් සහ වෘත්තීය සමිති ධජ ඔසවමින් සිටි බවයි පැවසෙන්නේ.

මේ වනවිට පුද්ගලයින් 120 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පැරිස් පොලිසිය සඳහන් කර තිබෙනවා

Share This