විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කර තිබෙනවා

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාර දී තිබෙනවා

මීට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව උප සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. එල්. වසන්ත කුමාර මහතා පත් කර ඇති අතර, එහි සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන රාහුල අතලගේ, ඕ. ජී. දයාරත්න, සුබ්‍රමනියම් රවිරාජ් සහ ජනාධිපති නීතිඥ කේ. සී. ඩබ්ලිව්. උනම්බූව යන මහත්ම මහත්මීන් පත් කර ඇති බව සඳහන්

 

Share This