විශ්වීය කොරෝනා එන්නතක් ඇමරිකාවෙන්
කොරෝනා වෛරසයේ නිරන්තරව ඇතිවිය හැකි විකෘති තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේ දී ඊට මුහුණදීම අරමුණු කරගනිමින් මෙම සියලු වෛරසයන්ට එරෙහිව වඩාත් ආරක්ෂාවක් සපයන විශ්වීය කොරෝනා වෛරස් එන්නතක් සංවර්ධනය කිරීමට අමෙරිකානු බලධාරීන් මේ වන විට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
‘පෑන් කොරෝනා’ වෛරස එන්නත ලෙසින් නම් කර ඇති මෙම එන්නතෙහි නිෂ්පාදන කටයුතු සඳහා අමෙරිකානු විද්‍යාඥයින් මේ වන විට වැඩි අවධානයක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන් ම රුසියිවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතෙහි නව නිෂ්පාදනයක් ලෙසන් ඉදිරිපත්කර තිබෙන නාසික ඉසින එන්නතෙහි සායනික පරීක්ෂණ ද මේ වන විට මොස්කව් සහ ශාන්ත පීටර්ස් බර්ග් ආශ්‍රිතව ආරම්භ කර ඇති බව එරට බලධාන් දැනුම් දී තිබෙනවා.
මේ අතර මිනිසාට මාරාන්තික තත්ත්වයක් ඇති කළ හැකි කොරෝනා වෛරසයේ නවතම ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවේ වවුල් විශේෂයක් ආශ්‍රිතව හඳුනාගෙන ඇති බව චීන විද්‍යාඥයින් පිරිසක් පවසනවා.
දකුණු අප්‍රිකාවේ වවුල් විශේෂයක් ආශ්‍රිතව හඳුනාගෙන ඇති මෙම කොරෝනා වෛරස් ප්‍රභෙදය ‘නියෝකොව්’ ලෙස නම් කර ඇති බවයි චීනයේ වුහාන් විශ්වවිද්‍යාලයේ සහ චීන විද්‍යා ඇකඩමියේ විද්‍යඥයින් සඳහන් කරන්නේ.