විශාල අනතුරක් වැළකූ වීරයින් ඇගයීමට

විශාල අනතුරක් වැළකූ වීරයින් ඇගයීමට

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සිදු වීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට මොරටුව, මෝදර ප්‍රදේශයේ පදිංචි අනුර සමන්ත ප්‍රනාන්දු මහතා සමත්ව වුණා.

එමෙන්ම දුම්රිය ගැටීමකින් තොරව වළක්වා ගැනීමට ඊට පසුපස පැමිණි දුම්රියේ රියදුරු විදුර විදර්ශන මහතා සමත්වුණා.

ඔවුන් ඇගයීමට ලක්කිරීම අද සිදුවුණේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන්.

දුම්රිය මාර්ග සංඥාවල ඇති වන ඇතැම් දෝෂ හා, රේල් පීලි නිසිලෙස නඩත්තු නොවී තිබීම හේතුවෙන් ඇතුළු විවිධ හේතු පදනම් කරගෙන දුම්රිය ගමනා ගමනය තුළ විවිධ ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වනවා.

එවැනි සිද්ධියකට සාගරිකා දුම්රිය මුහුදුබඩ දුම්රිය මාර්ගයේදී පානදුර දුම්රිය ස්ථානයත් එගොඩ උයන දුම්රිය ස්ථානයත් අතරතුරදී මුහුණපෑවා.

මේ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය දෙකක් එකම දුම්රිය පිල්ලේ එකම දිසාවට ළංව ධාවනය වීමේ සිදුවීමක්ද වාර්තා වුණා.

ඒ අනුව පානදුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක (328) දරන මන්දගාමී දුම්රියට පානදුර, මොරටුව අතර ප්‍රදේශයේදී ඉදිරියට ධාවනය වීම සඳහා සංඥා කුලුනේ කොළ පැහැති සංඥාව ලැබී තිබියදී තවත් දුම්රියක් එදෙසටම , තවත් ලංව ධාවනය වන අයුරු දුම්රිය රියදුරා විසින් දැක තිබෙනවා.

ක්ෂණිකව ක්‍රියාත්මක වූ දුම්රිය රියදුරු දුම්රිය නවත්වාගැනීමටයි කටයුතු කර තිබුනේ.

ඔවුන් ඇගයීමට ලක්කිරීම අද මෙලෙස සිදුවුණේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේදී.

Share This