විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුම්
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම්වලට සමගාමිව 2024.04.02 වන දිනය තුළ සිදුකරන ලද මුළු වැටලීම් 852 කට අදාළව සැකකරුවන් 838ක් හා සැකකාරියන් 10ක් අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
ඉන් සැකකරුවන් 40 දෙනෙකුට වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබාගැනීමට නියමිතව ඇති අතර සැකකරුවන් 05 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමට ද නියමිතව තිබෙනවා. සැකකරුවන් 21 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති බවද එම මාධ්‍ය නිවේදනයේ සඳහන්.
මෙම මෙහෙයුමේදී බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද මත්ද්‍රව්‍යවලින් හෙරොයින් ග්‍රෑම් 170 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 147 ක්, ගංජා ග්‍රෑම් 349 ක්, පොලීසිය භාරයට ගෙන ඇති අතර එම පළාත තුළ සිදුකළ මුළු වැටලීම් 550 කදී සැකකරුවන් 543 ක් හා සැකකාරියන් 07 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම දකුණු පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 14 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 ක් හා ගංජා ග්‍රෑම් 403 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර එහිදී සිදුකළ මුළු වැටලීම් 83 කදී සැකකරුවන් 83 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර තිබෙනවා.