විස්සයි -20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

විස්සයි -20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය අද (29) බාබඩෝස්හි බිඩ්ජ්ටවුන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද රාත්‍රි 08ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ප්‍රථම අවසන් පූර්ව තරගයෙන් ජයගත් දකුණු අප්‍රිකාවත්, දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ජයගත් ඉන්දීය කණ්ඩායමත් අවසන් මහා තරගයට එක්වනවා.

එංගලන්තය සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 68ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්වීමත් සමග ඔවුන් අවසාන මහා තරගය සඳහා සුදුස්සන් බවට පත්වුණා.

එමෙන්ම දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අවසන් පූර්ව තරගයෙන් ජයගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම අද අවසාන මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම සමග තරගවැදීමට නියමිතයි.

Share This