විස්සයි 20 ලෝක කුසලානයේ සුපිරි 8 දෙනාගේ වටය අද ඇරඹෙයි

විස්සයි 20 ලෝක කුසලානයේ සුපිරි 8 දෙනාගේ වටය අද ඇරඹෙයි

පන්දු වාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග ආරම්භ කරමින් දකුණු අප්‍රිකා කණ්ඩායම සහ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් හි නෝර්ත් සවුන්ඩ් ක්‍රීඩාංගනයේදී අද (19) තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8ට එම තරගය ආරම්භ වීමට නියමිත බවයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරන්නේ.

තරගාවලියේ මූලික වටය දකුණු අප්‍රිකා කණ්ඩායම අපරාජිතව නිමා කිරීමට සමත් වූ අතර අමෙරිකා කණ්ඩායම එක් තරඟයක් පරාජයට පත්ව සුපිරි අට දෙනාගේ වටයට පිවිසීමට සමත් වුණා.

මෙම තරගාවලියේ දී මේ කණ්ඩායම් දෙක මුණ ගැසෙන පළමු අවස්ථාව මෙය වන අතර අමෙරිකාව මූලික වටයේදී පරාජය වූ එකම තරගය ඉන්දියාව හමුවේ පැවති තරගය බවයි සඳහන් වන්නේ.

Share This