විස්සයි විස්සට සමුදෙන මහමුදුල්ලා

විස්සයි විස්සට සමුදෙන මහමුදුල්ලා

බංග්ලාදේශ ක්‍රීඩක මහමුදුල්ලා ඉන්දියාවට එරෙහි විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

එම තරගාවලියට පෙර පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

38 හැවිරිදි වියේ පසුවන මහමුදුල්ලා, විස්සයි විස්ස තරගවලින් ඉවත් වුවද එක්දින තරග සඳහා තවදුරටත් ක්‍රීඩා කරන බවයි සඳහන් කර ඇත්තේ.

මීට වසර තුනකට පෙර මහමුදුල්ලා සිම්බාබ්වේ සමඟ පැවති තරගයකදී ටෙස්ට් පිටියෙන් සමුගත්තා.

මහමුදුල්ලා විස්සයි විස්ස තරග 139කට සහභාගී වී තිබෙනවා.

Share This