වී අස්වනු සමීක්ෂණ වැඩසටහන සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව නිරීක්ෂණයක

වී අස්වනු සමීක්ෂණ වැඩසටහන සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව නිරීක්ෂණයක

පරිසර හිතකාමී පොහොර භාවිතය මගින් ලබාගත් වී අස්වනු සමීක්ෂණය කිරීමේ වැඩසටහන සඳහා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගම්පහ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

පරිසර හිතකාමී පොහොර මෙරට කෘෂිකර්මාන්තයට සාර්ථකව හඳුන්වාදීම කාරක සභාවේ ප්‍රධාන අරමුණ වූ අතර එම පොහොර නිෂ්පාදන ප්‍රධාන වී වගා කරන ප්‍රදේශයේ පරීක්ෂාවට ලක් කළ යුතු බවට මෙම කාරක සභාවේදී තීරණය වී ඇති බව සඳහන්.

2023/2024 මහ කන්නයේදී පරිසර හිතකාමී පොහොර භාවිත කරමින් වැලිකන්ද සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල වී යාය ආදර්ශන වල සාර්ථක ප්‍රතිපළ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම කාරක සභාවේ සභාපති ඩී වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ 2024 යල කන්නයේදී පළාත් 7ක සහ බී, සී සහ එච් යන මහවැලි කලාපවල පරිසර හිතකාමී පොහොර භාවිත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව මෙම නිරීක්ෂණ චාරිකාව සිදුවී ඇති බව සඳහන්.

Share This