
වී ගොවීන්ට බන්ඩි පොහොර නොමිලේ
ඉදිරි කන්න දෙකක දී සියලුම වී ගොවීන්ට බන්ඩි පොහොර නොමිලයේ ලබා දීමට තීරණය කර තිබෙනවා
ඒ අනුව 2024/25 මහ කන්නය හා 2025/26 මහ කන්නය යන කන්න දෙක තුළ ශ්‍රී ලංකාවේ සියලුම වී වගා කරන ගොවිජනතාවට නොමිලයේ බන්ඩි පොහොර ලබා දීමට රජය තීරණය කර ඇත්තේ
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වෙතින් රජය කළ කරන ලද ඉල්ලීමක් පරිදි බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000 ප්‍රමාණයක් මෙරටට හිමි වන බවයි