වී සඳහා ඉහළ මිලක් ලබා දීමට හැකිවීම ජයග්‍රහණයක්

වී සඳහා ඉහළ මිලක් ලබා දීමට හැකිවීම ජයග්‍රහණයක්

මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6000ක මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා

එහි පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 500ක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබා දුන් අතර එම මණ්ඩලය ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා ගබඩා 36කට ආසන්න ප්‍රමාණයක් විවෘත කර තබා ඇති බව සඳහන්

එම මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ මේ වනතෙක් වී අලෙවි මණ්ඩලයට ගොවීන් අලෙවි කර තිබෙන්නේ වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් තරම් සුළු ප්‍රමාණයක් බවයි

කෙසේ වෙතත් වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමග පුද්ගලික අංශය ඉහළ මිලකට වී මිල දී ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර ඒ අනුව රුපියල් 105-110ත් අතර පැවැති කීරි සම්බා වී කිලෝවක මිල මේ වනවිට රුපියල් 130 ඉක්මවා තිබෙනවා

එමෙන්ම මෙරට පළමු වතාවට සම්බා වී කිලෝවක මිල ද රුපියල් 130 ආසන්නයට පැමිණ ඇති බව සඳහන්

මේ නිසා ගොවීන්ගේ වී අස්වනු සඳහා ඉහළ මිලක් මෙවර යල කන්නයේ දී ලැබී ඇති බව වාර්තා වන බව ද සභාපතිවරයා කියා සිටියා

Share This