වෙඩි තබා උපන්දින සාදයකදී සිව් දෙනෙක් මරා දැමූ වරදට 5ක් අත්අඩංගුවට

වෙඩි තබා උපන්දින සාදයකදී සිව් දෙනෙක් මරා දැමූ වරදට 5ක් අත්අඩංගුවට

අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ පැවති උපන්දින සාදයකට එල්ල වූ වෙඩි තැබීමෙන් පසු මේ වනවිට ඒ සම්බන්ධයෙන් 5ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

අත්අඩංගුවට ගත් අය අතර සහෝදරයන් දෙදෙනෙකුද වනවා

වෙඩි තැබීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 32කු තුවාල ලැබු බව මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනාටම මිනීමැරුම් චෝදනා හතරක් එල්ල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

වෙඩි තැබීමට හේතුව එරට පොලිසිය විසින් මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවද සඳහන් වනවා.

මෙම උපන්දින සැමරුමට පුද්ගලයින් 50 ක් පමණ සහභාගී වී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This