වෙන්දේසියට යන Beyonce විසි කළ අව් කණ්ණාඩිය

වෙන්දේසියට යන Beyonce විසි කළ අව් කණ්ණාඩිය

ප්‍රසංගයක් අතරතුර දී අමෙරිකානු ගායන ශිල්පිණි Beyonce විසින් විසි කරන ලද අව් කණ්ණාඩියක් වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය මාසයේ ලන්ඩනයේ පැවති Beyonce’s Renaissance World Tour ප්‍රසංගය අතරතුර දී ඇය සිය අව් කණ්ණාඩිය විසි කර ඇති අතර එය අල්ලා ගත් 20 හැවිරිදි තරුණයෙකු විසින් එම අව් කණ්ණාඩිය වෙන්දේසි කිරීම සඳහා සමාගමක් වෙත අලෙවි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ඔහු විසින් එම අව් කණ්ණාඩිය අමෙරිකානු ඩොලර් 20,000ක මුදලකට අලෙවි කර තිබෙනවා.

Beyonce විසින් විසි කරන ලද එම අව් කණ්ණාඩිය ජූලි 4 වනදා අදාළ සමාගම විසින් වෙන්දේසි කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This