වෙනිසියුලාවේ ජනාධිපතිවරණය අදයි

වෙනිසියුලාවේ ජනාධිපතිවරණය අදයි

වෙනිසියුලාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා.

මෙවර තුන්වන වරටත් බලයට පත්වීමේ අපේක්ෂාවෙන් දැනට ජනාධිපති ධුරය හොඹවන නිකොලස් මදුරෝ ඉදිරිපත් වී ඇති අතර ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන්නේ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන එඩ්මුන්ඩෝ ගොන්සාලෙස්.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එරට පුරවැසියන් මිලියන 17ක් පමණ සුදුසුකම් ලබා තිබෙනවා.

ඉදිරි වසර 6ක කාලයක් සඳහා පත් කර ගැනීමට අපේක්ෂා කරන ජනාධිපතිවරයාට රටේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමේදී අර්බුද රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවට දේශපාලන විචාරකයින් පෙන්වා දී තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ වෙනිසියුලාව මේ වන විටත් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින්.

ඒ අනුව වත්මන් ජනාධිපති ධුරය හොඹවන නිකොලස් මදුරෝ හට මෙවර ජය ලබා ගැනීම අසීරු තත්ත්වයකට පත්ව ඇති අතර සිදු කරන ලද මත විමසුම්වලින්ද පෙනී ගොස් ඇත්තේ එඩ්මුන්ඩෝ ගොන්සාලෙස්, වත්මන් ජනාධිපතිවරයාට වඩා ඉදිරියෙන් පසුවන බවයි.

Share This