වෙනිසියුලාවේ විරෝධතා උග්‍ර අතට -රටම ගිනි ගනී (VIDEO)

වෙනිසියුලාවේ විරෝධතා උග්‍ර අතට -රටම ගිනි ගනී (VIDEO)

වෙනිසියුලාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව විරෝධය පළ කරමින් එරට ජනතාව විථි බැසීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එරට කරාකස් අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක මෙම විරෝධතා ක්‍රියාත්මක් වන අතර වසර 11ක් පුරා එරට ජනාධිපති ධුරය දැරූ නිකලස් මදුරෝ මෙවරද ජනාධිපතිවරණය ජයගෙන ඇති බව සඳහන් කරමින් නිකුත් වූ ජනාධිපතිවරණ ප්‍රතිඵල වංචා සහගත බවට චෝදනා කරමින් විරෝධතාකරුවන් විරෝධතාවයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතාකරුවන් පාලනය කිරීමට වෙනිසියුලානු ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාරද එල්ල කර තිබෙනවා.

මේ හේතුවෙන් එරට ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් තර උණුසුම් තත්ත්වයක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ලතින් අමෙරිකානු සහ බටහිර රටවල් ද එක්සත් ජතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ද එක් එක් ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රතිඵල වෙන් වෙන් වශයෙන් නිකුත් කරන ලෙස වෙනිසියුලානු බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබෙනවා.

නිකලස් මදුරෝ, වෙනිසියුලානු ජනාධිපතිවරයා ලෙස පිළිනොගන්නා ආර්ජන්ටිනාව, පේරු, චිලී ඇතුළු ලතින් අමෙරිකානු රටවල් 6ක සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් නැවතත් කැඳවීමටද පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මීට අමතරව කැනඩාව සහ ඩොමිනිකන් ජනරජය වෙනිසියුලාව වෙත වාණිජ ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවන බව නිවේදනය කර තිබෙනවා.

Share This