වේල්ල කැඩී යාමෙන් පසු දහස් ගණනක ජනතාවකට එක්සත් ජාතීන් අනතුරු අඟවයි(VIDEO)

වේල්ල කැඩී යාමෙන් පසු දහස් ගණනක ජනතාවකට එක්සත් ජාතීන් අනතුරු අඟවයි(VIDEO)

යුක්‍රේනයේ ප්‍රධාන වේල්ල කැඩී යාම නිසා දහස් ගණනක ජනතාවකට බරපතල ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබෙනවා

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවයේ නියුතු ප්‍රධානියෙක් වන Martin Griffiths පැවසුවේ දකුණු යුක්‍රේනයේ Kakhovka වේල්ලෙහි ව්‍යසනයේ පරිමාණය ඉදිරි දිනවලදී පැහැදිලි වනු ඇති බවයි..

දහස් ගණනක් ගංවතුරට හසුවූ නගර සහ ගම්වලින් පලා ගොස් ඇති අතර ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බවට විශ්වාසයක් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම දකුණු යුක්‍රේනයේ දහස් ගණන් ජනතාව නිවාස, ආහාර, සුරක්ෂිත ජලය සහ ජීවනෝපාය අහිමිවීම්වලට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමතමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවයේ නියුතු ප්‍රධානියෙක් වන Martin Griffiths අනතුරු අඟවා තිබෙනවා.

යුක්‍රේන පාලනය යටතේ පවතින Kherson අගනුවර ගංවතුරට හසු වූ වරායක් සහ කාර්මික ප්‍රදේශයක් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

පුද්ගලයන් 40,000 ක් පමණ ඉවත්කර ඇති අතර යුක්‍රේනයේ Dinipro ගඟට බටහිරින් 17,000 ක් පමණ සහ රුසියාව විසින් අල්ලාගෙන සිටින නැගෙනහිර ප්‍රදේශයේ 25,000 ක් පමණ ජනතාව ඉවත් කර ඇති බවද සඳහන්

Share This