ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදාහැරේ

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදාහැරේ

සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා

අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි ඔහු රිමාන්ඩ් භාරයට පත්වුණේ.

ඉදිරිපත් වූ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත්කළා.

මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැඟිල්ලක් 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එම දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර එම දූෂණය සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වුණා.

එහිදී රුපියල් 8,850,000ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි කියන චෝදනාව මත සැකපිට හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.

Share This