
ශ්‍රම මෙහෙයුම නිල වශයෙන් ඇරඹේ
පුනරුද යුගයක් කරා යන ගමනේදී වෘත්තීය අධ්‍යාපනය වැදගත් ක්ෂේත්රයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ ඊයේ ශ්‍රම මෙහෙයුම ජාතික නිල සමාරම්භක උත්සවයට එක්වෙමින්.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෘත්තීය අධ්‍යාපන ආයතන පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන ශ්‍රම මෙහෙයුම ජාතික නිල සමාරම්භක උත්සවය ඊයේ ගම්පහ කාර්මික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණා.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්.
මීට සමගාමීව වෘත්තීය අධ්‍යාපන අංශයට අයත් ආයතන 311කදී මෙය ක්‍රියාවට නැංවුණා.