
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට විශේෂ බස් රථ සේවාවක්
“සුව සැරිය රෝහල් සේවාව” නමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට විශේෂ බස් රථ සේවාවක් හඳුන්වාදී තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට පැවති විශේෂ බස් රථ සේවාවක අවශ්‍යතාවය මත ඒ පිළිබද අවධානය යොමු කරමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් “සුව සැරිය රෝහල් සේවා” නමින් විශේෂ බස් රථ සේවාවක් හඳුන්වා දී ඇති බව සඳහන්.
එම විශේෂ බස් රථ සේවාව අද (05) ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයෙන් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මහරගම, තලවතුගොඩ, බොරැල්ල, කොටුව නගර ආවරණය වන පරිදි ශ්‍රී ජයවර්ධනපුර රෝහල දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක වන බව සඳහන්.