
ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2025
එළඹන දෙසැම්බර් මාසයේදී 2025 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව පැවැත්වීමට සූදානම් වන විට, රජය, රාජ්‍ය තාන්ත්‍රික බලකාය සහ පෞද්ගලික අංශය අතර හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම – ශ්‍රී ලංකාව වෙළඳාම, ආයෝජන සහ නවෝත්පාදන සඳහා කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
මෙම අවධනය යොමුව ඇත්තේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ එක්ව පැවති විශේෂ සාකච්ඡාවකදීයි.
රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සහ ව්‍යාපාරික අංශයේ නියෝජිතයින් පිරිසක් ද මෙම හමුවට එක්ව තිබුණා.
ස්ථාවරත්වය, මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ පැහැදිලි දිගුකාලීන ආර්ථික දැක්මක් මගින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආර්ථික ප්‍රකෘතිය සහ අලුත් කරන ලද ආයෝජක විශ්වාසය මෙම සැසියේදී වඩාත් අවධානයට ලක් වූ බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය සදහන් කළා.
ශ්‍රී ලංකාව ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2025 ආර්ථික හා ආයෝජන සමුළුවට ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහ ආයෝජකයින්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය නියෝජ්‍ය අමාත්‍යවරයා දිරිමත් කිරීමට මෙහිදී කටයුතු කර තිබෙනවා.