
ශ්‍රී ලංකා – ඇෆ්ගන් තරගය අද
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය අද (30) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට පූනේ හිදී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇති බව සඳහන්.
ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් දෙකම තරගාවලියේ මේ වන විට තරග 5කට සහභාගී වී ඉන් තරග 2ක් පමණක් ජයගෙන තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු සටහනේ 5 වන ස්ථානයේ පසුවන අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම එහි පසුවන්නේ 7 වන ස්ථානයේ යි.
