ශ්‍රී ලංකා-එංගලන්ත දෙවන ටෙස්ට් තරගය හෙට

ශ්‍රී ලංකා-එංගලන්ත දෙවන ටෙස්ට් තරගය හෙට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (29) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

එම ටෙස්ට් තරග සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇති අතර එහි වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා.

ඒ අනුව කුසල් මෙන්ඩිස්ට සහ විශ්ව ප්‍රනාන්දුට ඔවුන්ගේ ස්ථාන අහිමි වී ඇති බව සඳහන්.

ඔවුන් දෙදෙනා වෙනුවට කණ්ඩායමට කැඳවා ඇත්තේ පැතුම් නිස්සංක සහ ලහිරු කුමාර යි.

හෙට තරගයට දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂ්ක, පැතුම් නිස්සංක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ මිලාන් රත්නායක ක්‍රීඩා කරනවා.

Share This