ශ්‍රී ලංකා කණ්ඩායමට ඓතිහාසික ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට ඓතිහාසික ජයක්

ඉන්දියාවට එරෙහිව පැවැත්වූ තුන්වන එක්දින තරගයේ දී ලකුණු 110ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 248ක් ලබා ගැනීමට සමත් වූ අතර
ඉන්දියානු කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ පන්දුවාර 26යි එක් පන්දුවක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 138ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල සඳහා ලකුණු 89ක සබඳතාවක් ගොඩනැගුවා.

පැතුම් නිස්සංක ලකුණු 45ක් ද අවිශ්ක ප්‍රනාන්දු ශතකය ආසන්නයේ පසුවෙද්දී ලකුණු 96ක් ලබාගනිමින් අවාසනාවන්ත ලෙස දැවී ගියා.

ලකුණු 249ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 73කට දවාගැනීමට ශ්‍රීලංකා පන්දු යවන්නන් සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියක් ඉන්දියාවට එරෙහිව ජයග්‍රහණය කළේ වසර 27ක ට පසුව වීම විශේෂත්වයක්

Share This