අවමංගල්‍ය උත්සවයේ  සජීවී විකාශය මෙතැනින් නරඹන්න (LIVE) -UPDATE 09

අවමංගල්‍ය උත්සවයේ සජීවී විකාශය මෙතැනින් නරඹන්න (LIVE) -UPDATE 09

දෙවන එළිසබත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයේ  සජීවී විකාශය පහතින් නැරඹිය හැකියි

…………………………………………………

Sep 19, 2022 at 15:15

ශ්‍රී ලංකා ජනපති වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට (PHOTOS)UPDATE 08

පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයෝ සහ ලෝක නායකයින් මේ වනවිට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔවුන් අතර කැනේඩියානු ජනාධිපති ජස්ටින් ටෘඩෝ ද නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මේ වනවිට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ

 

 

………………………………

Sep 19, 2022 at 15:01

රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සජීවීව (LIVE) – UPDATE 07

දෙවන එළිසබත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සඳහා මේවනවිට සියල්ල සූදානම් කර තිබෙනවා.

මෙතැනින් එය සජීවීව නැරඹිය හැකියි.


……………………………………..

රාජ්‍ය අවමංගල්‍යයට සහභාගීවන්නන්ගේ ඡායාරූප (PHOTOS ) -UPDATE 06

Sep 19, 2022 at 14:28

 

වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට පැමිණෙන ආරාධිතයින්ගේ ඡායාරූප කිහිපයක් පහතින් දැකිය හැකි වනවා

 

…………………………………………………………………

Sep 19, 2022 at 13:45

වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට පැමිණෙන රාජ්‍ය අවමංගල්‍යයට සහභාගීවන්නන් -UPDATE 05

වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවැත්වෙන රාජ්‍ය අවමංගල්‍යයේ දේවමෙහෙය සඳහා සහභාගී වන රාජ්‍ය නායකයින් සහ ආරාධිත අමුත්තන් මේ වනවිට පැමිණීම ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එරට වේලාවෙන් උදේ 10.44 ට පමණ වෙස්ට්මිනිස්ටර් ශාලාවේ සිට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය දක්වා රැජිනගේ දේහය ගෙන ඒමෙන් පසු උදේ 11ට රාජ්‍ය අවමංගල්‍ය දේව මෙහෙය ආරම්භ වනු ඇති

යුරෝපය පුරා සිටින රාජකීය පවුල්වල සාමාජිකයින් අවමංගල්‍යයට සහභාගී වනු ඇති අතර මෙයට බෙල්ජියම, නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤයේ රජවරුන් සහ රැජින ඇතුළත් වනවා

එමෙන්ම ජපානයේ අධිරාජ්‍යයා සහ අධිරාජිනිය සහභාගි වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් අවසන් කටයුතුවලට සහභාගී වීම සඳහා ලන්ඩනයට පැමිණ තිබෙනවා

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සහ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සහ තවත් බොහෝ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින් ද පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා .

කෙන්යාවේ නායක විලියම් රූටෝ මෙන්ම දකුණු අප්‍රිකාවේ නායක සිරිල් රමෆෝසාද පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මෙම අවස්ථාවට සහභාගී වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා

පැමිණ සිටින කිහිප දෙනෙක්ගේ ඡායාරූප කිහිපයක් පහතින් දැකිය හැකියි

 

 

 

………………………………………………………..

Sep 19, 2022 at 12:35

වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබු රැජිනගේ දේහයට ගෞරව දැක්වීම අවසන් -UPDATE 04

 

වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබු රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව අවසන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

අවසන් ගෞරව දැක්වීම සඳහා ශාලාව හරහා ගිය අවසන් පුද්ගලයා වූයේ සාමි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියාවූ බ්ලැක් රොඩ් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

එරට වේලාවෙන් උදෑසන 8 වනවිට අවසන් දේවමෙහෙය සඳහා සහභාගිවීමට ලෝක නායකයන්ගේ සිට අපේක්ෂා කරන අමුත්තන් 2,000කට වැඩි පිරිසක් සඳහා පැමිණීමට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයෙහි දොරවල් විවෘත වනු ඇති

අද(19) දින දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය පෙරහැර නැරඹීමට ලන්ඩන්හි සහ වින්ඩ්සර්හි ජනතාව රැස්ව සිටින අතර දේහය රැගෙන යන මාර්ගය දිගේ නැරඹුම් ස්ථානවල බොහෝ දෙනෙක් රැඳී සිටින බවද සඳහන් වනවා

අවමංගල්‍ය පෙරහැර සඳහා සුදානම් වෙමින් පවතින අතර, පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක කාර්ය මණ්ඩලය පමණක් වීදිවල ගමන් කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

 

 

 

…………………………………………………………………….

Sep 19, 2022 at 11:50

රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සිදුකෙරෙන වේලාවන් මෙන්න -UPDATE 03

 

රැජිනගේ අවමංගල්‍යය සිදුකෙරෙන අද(19) දිනයේ විවිධවූ අංග රැසකින් එය සිදු කිරීමට නියමිත අතර ලන්ඩන් නගරය පුරා ආරක්ෂාවද තර කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

මෙම රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සිදුකෙරෙන ආකාරය එරට වේලාවන් සහිතව බිබිසි පුවත් සේවය වාර්තා කර තිබෙනවා

6:30 – වෙස්ට්මිනිස්ටර් ශාලාවේ දොරවල් වසා දැමීමෙන් පසු දෙවන එළිසබෙත් රැජිනගේ දේහයට මහජනයාට අවසන් ගෞරව දැක්වීමට ඇති කාලය අවසන් වනවා

8:00 – ලෝක නායකයන්ගේ සිට පුණ්‍යායතන සේවකයන් සහ ජපන් අධිරාජ්‍යයා දක්වා අපේක්ෂා කරන අමුත්තන් 2,000කට වැඩි පිරිසක් සඳහා පැමිණීමට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයෙහි දොරවල් විවෘත වනු ඇති

10:44 – වෙස්ට්මිනිස්ටර් ශාලාවේ සිට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය දක්වා රැජිනගේ දේහය රාජකීය තුවක්කු සහිත කරත්තයක රාජකීය නාවිකයන් විසින් ගෙන යන විට, රැජිනගේ දේහය පිටුපසින් චාල්ස් රජු සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ රාජකීයයන් ගමන් කරමින්,පිටත් වීම ආරම්භ කරනවා

11:00 – රාජ්‍ය අවමංගල්‍ය සේවය ආරම්භ වනු ඇති

11:55 – දේවමෙහෙය අවසන්වීමෙන් පසු මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලබනවා

12:00 – දේවස්ථානයේ පැවති කටයුතු අවසන් වන අතර, 12 පසුවී තත්පර15 ට, විශාල පෙරහැරකින් රැජිනගේ දේහය වෙලින්ටන් ආරුක්කුව වෙත රැගෙන ඒම ආරම්භ කරනු ලබනවා

13:00 – රැජිනගේ දේහය රාජ්‍ය අවමංගල්‍ය රථයට මාරු කර මහජනතාව දෙපස රැඳී සිටින මාර්ගයක් ඔස්සේ වින්ඩ්සර් මාළිගය වෙත ගෙන යනු ලබනවා

15:00 – අවමඟුල් පෙරහැර වින්ඩ්සර් කාසල් භූමිය හරහා ශාන්ත ජෝර්ජ් දේවස්ථානය දක්වා ගමන් ආරම්භ වනවා

16:00 – ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ කැපකිරීමේ දේව මෙහෙය සිදුකරනු ලබනවා

19:30 – රාජකීය පවුල අවසන් කටයුතු සඳහා දේවස්ථානය වෙත ආපසු පැමිණෙන අතර, දෙවන එළිසබෙත් රැජිනගේ දේහය ඇගේ නැසීගිය සැමියා වන එඩින්බරෝ ආදිපාදවරයාගේ දේහය අසළින් තැන්පත් කරනු ලබනවා.

 

…………………………………………………………………………………..

Sep 19, 2022 at 10:54

එළිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය කටයුතු සිදුකෙරෙන අයුරු -UPDATE 02

වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබු දෙවන එළිසබෙත් රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිත අතර දහස් ගණනක සභාවක් ඉදිරිපිට ආගමික මෙහෙයන් සිදු කිරීමට නියමිතයි

වෙස්ට්මිනිස්ටර් ශාලාවේ සිට දේවස්ථානය දක්වා රාජකීය නාවික හමුදාවේ එකසිය හතළිස් දෙදෙනෙකු විසින් කරත්තය මත ඇගේ දේහය රැගෙන යනු ඇති .

මෙම කරත්තය අවසන් වරට  1952 දී රැජිනගේ පියා වන හයවන ජෝර්ජ් රජුගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් භාවිතා කර ඇති අතර, පසුව 1979 දී පිලිප් කුමරුගේ මාමා වන මවුන්ට්බැටන් සාමිවරයාගේ අවමංගල්‍ය කටයුතු සඳහා යොදා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

අද (19) දිනයේ එළිසබෙත් රැජිනගේ දේහය රැගෙන යන ගමන් මාර්ගය විදෙස් මාධ්‍ය දක්වා තිබෙන්නේ පහත අයුරිනුයි

චාල්ස් රජු සහ ඔහුගේ පුතුන් වන විලියම් කුමරු සහ හැරී කුමරු ඇතුළු රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් මෙම කරත්තය සමගින් ගමන් කරනු ඇති

මෙම මාර්ගයේ රාජකීය නාවික හමුදාව සහ රාජකීය මැරීන් භටයින් පෙළගැසෙනු ඇති

එමෙන්ම පාර්ලිමේන්තු චතුරශ්‍රයේදී ගෞරව සම්මාන වෙඩි මුරද පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

අමුත්තන් 2,000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන රැජිනගේ අවමංගල්‍ය කටයුතු වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී එරට වේලාවෙන් උදේ 11ට පමණ ආරම්භ වීමට නියමිතයි.

රාජකීය අවමංගල්‍ය සිදුකෙරෙන වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ ඇතුළත පිහිටීම පිළිබඳව බිබිසි පුවත් සේවය වාර්තා කර ඇත්තේ පහත අයුරිනුයි

වෙස්ට්මිනිස්ටර්හිදී ඩේවිඩ් හොයිල් විසින් දේව මෙහෙය මෙහෙයවනු ලබන අතර, කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි විසින් දේශනය පවත්වනු ලබනවා

දේව මෙහෙයෙන් අනතුරුව, රැජිනගේ දේහය වෙස්ට්මිනිස්ටර් ඇබේ සිට වෙලින්ටන් ආරුක්කුව දක්වා පාගමනකින් ගෙන යනු ලබනවා

එම මාර්ග සිතියම පහතින් දැකිය හැකියි

 

මෙම මාර්ගයේ නියමිත නැරඹුම් ස්ථානවල සිට මහජනතාවට දේහය නැරඹීමේ අවස්ථාව ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

නැවත වරක් රාජකීය පවුලේ සාමාජිකයන් රැජිනගේ දේහය සහිත කරත්තය පිටුපසින් ගමන් කරනු ඇති

වෙලින්ටන් ආරුක්කුවට ගිය පසු, එරට වේලාවෙන් සවස 1ට පමණ, දේහය වින්ඩ්සර් කාසල් වෙත රැගෙන යාමට අවමංගල්‍ය රථය වෙත මාරු කරනු ලබනවා

වින්ඩ්සර් කාසල් වෙත රැගෙන එන මාර්ග සිතියම පහතින් දැක්වෙනවා

වින්ඩ්සර් මාලිගාව, රැජිනගේ ජීවිත කාලය පුරාම විශේෂ වැදගත්කමක් දරන ස්ථානයක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මාලිගාවේ කුළුණු සීනු සෑම මිනිත්තුවකම නාද කරනු ලබන අතර මාලිගාවේ භූමියේ සිට ආචාර වෙඩිමුර පවත්වමින් දේහය ශාන්ත ජෝර්ජ් දේවස්ථානයට ගෙන යාමට නියමිතයි.

ශාන්ත ජෝර්ජ් දේවස්ථානය යනු රාජකීය පවුල විසින් මංගල උත්සව, බව්තීස්ම සහ අවමංගල්‍ය කටයුතු සඳහා තෝරා ගන්නා දේවස්ථානයයි

හැරී කුමරු සහ මේගන් 2018 දී විවාහ වූ ස්ථානයද මෙය වන අතර රැජිනගේ නැසීගිය සැමියා වන පිලිප් කුමරුගේ අවමංගල්‍යය පැවැත්වුණේද මෙම ස්ථානයේ බවයි විදෙස් මාධ්‍ය සඳහන්  කර ඇත්තේ

මෙම අවස්ථාවට ආරාධිතයන් 800කින් පමණ සහභාගී වන අතර කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බිගේ ආශිර්වාදය ඇතිව ඩේවිඩ් කොනර් විසින් දේවස්ථානයේ කටයුතු මෙහෙයවනු ලබනවා

රැජිනගේ පාලනයේ අවසානය සංකේතවත් කරන සම්ප්‍රදායන් මෙම සේවාවට ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

චාරිත්‍රානුකූල ආගමික මෙහෙයන් කිහිපයකින් පසු කැපවීමේ සේවය අවසන් වන අතර රජු සහ රාජකීය පවුලේ සාමාජිකයන් දේවස්ථානයෙන් පිටව යනු ඇති.

පසුව රැජිනගේ දේහය ඇගේ නැසීගිය සැමියා වන එඩින්බරෝ ආදිපාදවරයාගේ දේහය අසලින්ම තැන්පත් කිරීමට නියමිතයි.

ඇගේ කිරිගරුඬ පුවරුව ELIZABETH II 1926-2022 ලෙස කැටයම් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

 

 

 

……………………………………………………..

Sep 19, 2022 at 08:48

අද අවසන් ගමන් යන දෙවන එළිසබෙත් රැජින

දෙවන එළිසබෙත් රැජිනගේ අවසන් කටයුතු අද (19) සිදු කිරීමට නියමිතයි

ලොව පුරා සිටින රාජ්‍ය නායකයින් රැසක් මේ වනවිටත් රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා එරටට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියද ඊයේ (18) දිනයේ රැජිනට අවසන් ගෞරව දැක්වීමට එකතුවුණා

දින ගණනාවක් පුරා වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබු දේහය අවසන් කටයුතු සඳහා ආගමික මෙහෙයන් සිදු කිරීමෙන් පසු වින්ඩ්සර් කාසල් වෙත රැගෙන යනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

දෙවන එළිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යයේ දේව මෙහෙය ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී 2,000 වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකිරීමට නියමිතයි.

දේව මෙහෙයෙන් පසු රැජිනගේ දේහය ලන්ඩනයේ හයිඩ් පාර්ක් කෝනර්හි පිහිටි වෙලින්ටන් ආරුක්කුව වෙත රැගෙන යනු ඇති අතර වින්ඩ්සර් කාසල්හි දේවස්ථානයක අවසන් කටයුතු පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

 

Share This