
ශ්රී ලංකා යුද්ධ හමුදා මලල ක්රීඩක අරුන්තවරාසා පුවිතරන්ගෙන් රිටි පැනීමේ ජාතික වාර්තාවක්
අගෝස්තු 18 වන දින සිට 20 දින දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ පැවැත්වෙන, 2025 යුද්ධ හමුදා මලල ක්රීඩා තරගාවලියේදී මීටර් 5 ක් සහ සෙන්ටි මීටර් 18 ක උසක් සම්පූර්ණ කරමින් ශ්රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්රික ඉංජිනේරු බලකායට (SLEME) අයත් ලාන්ස් කෝප්රල් ඒ පුවිතරන් අද (19) රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
මෙම ජයග්රහණයත් සමඟ රිටි පැනීමේ ඉසව්වෙන් ශ්රී ලංකා යුද්ධ හමුදා වාර්තාව සහ ශ්රී ලංකා යුද්ධ හමුදා මලල ක්රීඩා තරගාවලි වාර්තාව යන වාර්තා දෙකම තමන් සතු කර ගැනීමට පුවිතරන් සමත්වීම විශේෂයි.