
ශ්‍රී ලංකාව 20-20 ලෝක කුසලානය දිනාගෙන වසර 10ක් සපිරෙයි
ශ්‍රී ලංකාව 2014 වසරේ විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට (06) වසර 10ක් සපිරෙනවා
මෙම අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණේ බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී යි
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 130ක්
අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 17යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 134ක් ලබා සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළා
එම ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලද පිතිකරුවා වූයේ මහේල ජයවර්ධන වන අතර කුමාර සංගක්කාර එහිදී ලකුණු 52ක් ලබා ගත්තා
ලොව පුරා කණ්ඩායම් 16 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම ලෝක කුසලාන තරගාවලි ජයග්‍රහණයෙන් පසු මහේල මෙන්ම කුමාර් සංක්කාරද සිය විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියට සමු දීම ද සුවිශේෂී සිදුවීමක් බවට පත් වුණා
