ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග එළඹුණු එකඟතාවය
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා එකඟතාවකට එළැඹී තිබෙනවා.
ඒ අනුව වත්මන් ශුද්ධ ණය වටිනාකමින් 40.3%ක් සඳහා සහනයක් එමඟින් හිමිවනු ඇති.
මෙමඟින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන අතර පොලී ගෙවීම් ද අඩුවීම තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.