ශ්‍රී ලංකාවට ලකුණු 138ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 138ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 137ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී ඉන්දීය කණ්ඩායමේ කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 40 සීමාව පසු කරගෙන යාමට අවස්ථාව ලැබුණේ නැහැ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 138ක්.

Share This