
ශ්‍රී ලංකාවෙන් ලකුණු 210ක ඉලක්කයක්
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 43යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 209ක් ලබා ගැනීමට සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර කුසල් පෙරේරා ලකුණු 78ක් සහ පැතුම් නිස්සංක ලකුණු 61ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Adam Zampa කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.









