ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට නොහැකි වුවා නම් ලංකාව අද තවත් කෙන්යාවක් -ජනපති රනිල්-

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට නොහැකි වුවා නම් ලංකාව අද තවත් කෙන්යාවක් -ජනපති රනිල්-

ආර්ථික ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් කෙන්යාව අද විශාල අර්බුදයකට මුහුණ දී සිටින අතර මිනිස් ඝාතනද සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රටක ආර්ථිකය සකස් කිරීම අත්‍යාවශ්‍ය බවත්, රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට ශ්‍රී ලංකාව සමත් නොවූවා නම් අද ශ්‍රී ලංකාවේ තත්ත්වය ද එය බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදී තිබෙන්නේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (28) පැවති ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමින්.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුර අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ආර්ථික ශක්තිය නොමැති අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවට ගෝලීය හඬක් නැඟීම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ කොටසක් වන බවයි.

ශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය ඇති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

එසේම දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී කලාපීය නායකත්වය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව පැවසූ ජනාධිපතිවරයා මේ වන විට ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ පුළුල් වැඩ කොටසක් ඉටුකරමින් සිටින බවද පෙන්වාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

Share This