“ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමේ වගකීම ඉටු කිරීම සඳහා කැපවී සිටිනවා” – අගමැති

“ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමේ වගකීම ඉටු කිරීම සඳහා කැපවී සිටිනවා” – අගමැති

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමේ පරම වගකීම ඉටු කිරීම සඳහා කැපවී සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ, පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයට අද (10) පාර්ලිමේන්තුවේදී එක්වෙමිනුයි.

තමන් නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණ, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් බව පැවසු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, එහි මධ්‍යම කාරක සභාවේ ස්ථාවරය ඉදිරිපත් කරමින් පැවසුවේ මහජන එක්සත් පෙරමුණ දශක ගණනාවක් අඛණ්ඩව නොසැලී ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යය සුරැකීමට මහත් කැපවීම් සිදු කළ දේශපාලන ප්‍රවාහයක් ලෙස, තවදුරටත් එය ශක්තිමත් කිරීමට වඩාත් කැපවී සිටින බවයි.

පරිපාලන ක්‍රමවේදයට සමාන්තර දිස්ත්‍රික්කය ඒකකය ලෙස පදනම් කරගත් සංවර්ධන ඉලක්ක යථාර්ථයක් කළ හැකි ව්‍යුහගත වීමක්, අවශ්‍ය බව, ම.එ.පෙ., 1980 දශකයේ මුල සිට ම යෝජනා කරමින් කියා සිටි බව අගමැතිවරයා පැවසුවා.

කේවල ආසන වැඩි වශයෙන් ඇති මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් පිළිබඳ පවතින සමාජ දේශපාලන ආර්ථික උවමනාව ජාතික අවශ්‍යතාවයක් ලෙස, යළියළි මතක් කර සිටින බවද ඔහු සඳහන් කළා.

දිස්ත්‍රික්ක මට්ටමින් පරිපාලනය ශක්තිමත් කිරීමට යෝජනා කර ඇති බවද, එමගින් දිස්ත්‍රික්කයක් කේන්ද්‍ර කරගෙන සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියා.

 

Share This