
ශ්‍රී ලංකාවේ තුන්වන නැනෝ චන්ද්‍රිකාව වන BIRDS-X Dragonfly සාර්ථකව කක්ෂගත කරයි (VIDEO)
ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය (කියුටෙක්) සහ ශ්‍රී ලංකාවේ ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනය (ACCIMT) එක්ව සංවර්ධනය කරන ලද ශ්‍රී ලංකාවේ තුන්වන නැනෝ චන්ද්‍රිකාව වන BIRDS-X Dragonfly අද දහවල් සාර්ථකව කක්ෂගත කළා.
මෙම චන්ද්‍රිකාව අද (19) ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් පස්වරු 2:15 ට ISS වෙතින් කක්ෂයට යැවීම සිදුකර තිබෙනවා.
BIRDS-X ව්‍යාපෘතිය යනු ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය සඳහා කැප වූ 2U CubeSat ලෙස නම්කර තිබෙනවා.
මෙහි කොටස්කරුවන් වන්නේ කියුෂු තාක්ෂණ ආයතනය (කියුටෙක්), ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනය (ACCIMT) සහ ආධුනික ගුවන් විදුලි ඩිජිටල් සන්නිවේදන (ARDC) යයි.
මෙම ව්‍යාපෘතියේ ඉලක්කය වන්නේ අභ්‍යවකාශ අංශයට විවිධත්වය ගෙන ඒම සහ අවකාශයේ භාවිතය ප්‍රජාතන්ත්‍රවාදී කිරීමයි.