ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් Masood Imad මහතා සහ ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් අද (23) පවත්වා තිබෙනවා.

ඒ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේ දී.

මෙහිදී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කර තිබෙන බව සඳහන්.

මෙහි වැදගත්කම සනිටුහන් කරමින් දෙපාර්ශ්වයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා මහතා සහ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Hassan Amir ද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.

Share This