ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරයි

ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරයි

ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වුණා.

ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරය මගින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව පැවැත් වුණේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූ මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියා.

ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මහේෂ් ගුණසේකර, ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ හිටපු ප්‍රධානී සෙවරින් චැපාස්, ICRC ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී ඇන්ජලික් ඇපෙයිරොක්ස්, ජාත්‍යන්තර රතුකුරුස සම්මේලනයේ (IFRC) දකුණු ආසියාව සඳහා වන දේශීය පොකුරු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ජෝන් එන්ට්විස්ට්ල්, යන මහත්ම මහත්මීහු මෙම වැඩමුළුවේ සම්පත්දායකයන් ලෙස සහභාගී වූණා.

 

 

Share This