ශ්‍රේණිගත කිරීම්වලින් 27ට ආ ඉන්දික

ශ්‍රේණිගත කිරීම්වලින් 27ට ආ ඉන්දික

ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම ශ්‍රේණිගත කිරීමට අනුව පිරිමි කිලෝ ග්‍රෑම් 73 ට අඩු බර පන්තියේ 27 වැනි ස්ථානය තහවුරු කර ගැනීමට ඉන්දික චතුරංග දිසානායකට හැකියාව ලැබී තිබෙනවා.

ඉන්දික චතුරංග දිසානායක 2024 දී ඔසවන ලද කිලෝ ග්‍රෑම් 291 ක මුළු බර එකතුව මෙවර ශ්‍රේණිගත කිරීමට යොදා ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව යමින් මෙවර ප්‍රංශයේ පැරිස් අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමට ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබෙනවා.

මෙම තෝරා ගැනීම උදෙසා මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති ක්‍රීඩකයන් සංඛ්‍යාව 30ක්.

එම ක්‍රීඩකයන් අතරෙන් 15 දෙනෙකු මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට කිලෝ ග්‍රෑම් 73 ට අඩු බර පන්තිය යටතේ කැඳවීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ආසියානු මහද්වීපයට අයත් ක්‍රීඩකයන් ප්‍රමාණය 08 ක් වන අතර එම ක්‍රීඩකයන් 08 අතරේ 05 දෙනෙකුම පළමු 06 දෙනාට අයත්ව සිටීම හේතුවෙන් ආසියාතික රටවල බර ඉසිලීමේ ශක්තිය ප්‍රදර්ශනය වන බවයි පෙන්නුම් කරන්නේ.

මේ වන විට කි. ග්‍රෑ. 365 ක් ඔසවමින් පළමු ස්ථානය හිමි කර ගෙන සිටින්නේ ඉන්දුනීසියාවේ ජුනියන්සියා රිස්කි වන අතර දෙවන ස්ථානය චීනයේ ෂී ෂියෝන් කි.ග්‍රෑ. 356ක් ඔසවිමෙන් හිමිකරගෙන තිබෙනවා.

තෙවැන්නා වන ජපානයේ මියමොටෝ මිසනෝරී ඔසවා ඇති බර ප්‍රමාණය කි.ග්‍රෑ. 350 ක්.

Share This