ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගන්න ලෝක බැංකුවෙන් සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගන්න ලෝක බැංකුවෙන් සහාය

කොවිඩ් වසංගතය හේතුවෙන් බිඳවැටුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් සහාය දෙන බව ලෝක බැංකුව සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය පියවර ගනිමින් තිබෙන අතර, ඒ අවශ්‍ය සහාය දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ, නේපාලයේ හා මාලදිවයිනේ ලෝක බැංකු නේවාසික අධ්‍යක්ෂ ෆරිස් හඩාඩ් මහතා සඳහන් කරනවා.

නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් සතුට පළ කළ ශෙර්වොස් මහතා ශ්‍රී ලංකා රජය සමඟ ඵලදායි සාකච්ඡා පැවැත්වීමට හැකි වූ බව ද, එය දෙපාර්ශ්වයටම අතිශය වැදගත් වූ බව ද සඳහන් කරනවා.

කොවිඩ් කාලපරිච්ඡේදයේ ශ්‍රී ලංකාව සාර්ථකයත්වය කරා ගමන් කිරීමට පියවර ගනිමින් සිටින බව පෙන්වා දෙන ලෝක බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකාවේ රජය සහ ජනතාව යම්කිසි උත්සාහයක් ගෙන තිබෙන බවද පැවැති සාකච්ඡා තුළින් යම්කිසි සංඥාවක් දීමට හැකි බවද කියා සිටිනවා.

සිවිල් සංවිධාන සමඟ ලෝක බැංකුව අඛණ්ඩව කටයුතු කරන බවද පවසා තිබෙනවා.

 

Share This