ශාරුක් ඛාන් අනතුරකට ලක්වෙයි

ශාරුක් ඛාන් අනතුරකට ලක්වෙයි

බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් රූගත කිරීමක් අතරතුරදී අනතුරකට ලක්ව තිබෙනවා.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි සිදු කළ රූගත කිරීමක් අතරතුරදී ඔහු මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ අනතුර හේතුවෙන් ශාරුක් ඛාන්ගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති අතර පසුව ඔහු ශල්‍යකර්මයකට ලක් කර තිබෙනවා.

කෙසේවෙතත් ශාරුක් ඛාන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.

අනතුරින් පසුව ශාරුක් ඛාන් නැවත ඉන්දියාවේ මුම්බායි හි පිහිටි සිය නිවස වෙත පැමිණ විවේක සුවයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This