ශිෂ්ණ ආශ්‍රිත පිළිකා ශීඝ්‍රයෙන් ඉහළට – බ්‍රසීලයේ දශකයක් තුළ 6,500ක් කපලා?

ශිෂ්ණ ආශ්‍රිත පිළිකා ශීඝ්‍රයෙන් ඉහළට – බ්‍රසීලයේ දශකයක් තුළ 6,500ක් කපලා?

ශිෂ්ණ ආශ්‍රිත පිළිකා වාර්තා වීම දුර්ලභ වන නමුත් ලොව පුරා එම පිළිකාව හේතුවෙන් සිදුවන මරණ අනුපාතය වැඩි වෙමින් පවතින බව වාර්තා වනවා.

බ්‍රසීලයේ, පිරිමින් 100,000කට 2.1ක අනුපාතයකින් ශිෂ්ණ පිළිකා වාර්තා වන බවයි නවතම අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ.

බ්‍රසීලයේ 2012 සිට 2022 දක්වා කාලය තුළ රෝගීන් 21,000ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස මරණ 4,000 කට වඩා වැඩි වී ඇති අතර, පසුගිය දශකය තුළ බ්‍රසීලයේ පිරිමින්ගේ ශිෂ්ණ 6,500 කට වඩා වැඩි ප්‍රමාණයක් කපා ඉවත් කර ඇති බවයි බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.

එමෙන්ම බ්‍රසීලයේ දුප්පත්ම ප්‍රාන්තය වන මරන්හාඕ ප්‍රාන්තයෙන් වැඩි වශයෙන් පිළිකා රෝගීන් වාර්තා වන බව සඳහන්.

එහි පිරිමින් 100,000කට 6.1ක අනුපාතයක් ලෙස ඉහළම ශිෂ්ණ ආශ්‍රිත පිළිකා රෝගීන් වාර්තා වී තිබෙනවා.

ශිෂ්ණ පිළිකාව කලින් හඳුනාගත් විට, එය ශල්‍යකර්මයෙන් ඉවත් කිරීම, විකිරණ ප්‍රතිකාර සහ රසායනික චිකිත්සාව වැනි ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට පත් කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව සඳහන්.

නමුත් ප්‍රතිකාර නොකළහොත් ශිෂ්ණය හෝ වෘෂණ කෝෂ වැනි අවට ඉන්ද්‍රියයන් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් කපා දැමීම වුවද සිදු කරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

Share This