ශිෂ්‍යත්ව ප්‍රතිඵල කඩිනමින්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල කඩිනමින්

2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා

අද (23) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරියගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව කියා සිටියා

ශිෂ්‍යත්වය විභාගය සමග ඇති වූ අර්බුදය හේතුවෙන් අධිකරණය මඟින් ප්‍රතිඵල ඇගයීම් කටයුතු අත්හිටුවීමට ලබාදුන් නියෝගය හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීමට කල්ගත වූ බවයි ඇය මෙහිදී පැවසුවේ

එමෙන්ම, මේවන විට පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරන බවත් එම කටයුතු කඩිනමින් අවසන් කර ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවත් අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළා

Share This