
ශිෂ්‍යත්ව විභාගයේ ලබන වසරේ සිදුවන වෙනස
ලබන වසරේ සිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත ලකුණු ප්‍රමාණය මින් ඉදිරියට එම විභාගයේ ප්‍රශ්න පත්‍රවලින් පමණක් ලබාගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඒ අනුව සිසුන් හතර සහ පහ ශ්‍රේණිවලදී පන්ති කාමරය තුළ ලබන අධ්‍යාපනය මගින් ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 30%ක් ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.