ශිෂ්‍ය සංගම් තහනම ඉවත් කරන්නැයි ඉල්ලා පාකිස්ථානයේ විරෝධතා

ශිෂ්‍ය සංගම් තහනම ඉවත් කරන්නැයි ඉල්ලා පාකිස්ථානයේ විරෝධතා

පාකිස්ථානයේ සරසවි සිසුන් එරට තුළ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරිත්වයට එරෙහිව පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ උද්ඝෝෂණයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එරට විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය සංගම් සියල්ල මීට වසර 38 කට පෙර ජනරාල් සියා උල් හක් පාලනය සමයේ දී තහනම් කරනු ලැබුවා.

එතැන් සිට මේ දක්වා පාකිස්ථානයේ විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල ශිෂය සංගම් මෙන්ම ඒවාගේ ක්‍රියාකාරකම් ද තහනම්වයි පවතින්නේ.

මෙම තත්ත්වය වෙනස් කොට පාකිස්ථානයේ උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන්ට සිය ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමට ඉඩ ලබාදෙන්නැයි ඔවුන් ඉල්ලා සිටිනවා.

ඒ සදහා පාකිස්ථානයේ ශිෂ්‍ය ප්‍රජාව විසින් ලාහෝර් කේන්‍ද්‍ර කරගෙන අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කර ඇති අතර ඊට මේ වන විට එරට තවත් සමාජ , දේශපාලන සංවිධාන රැසක ද සහය පළව ඇති බවවිදෙස් මාධ්‍ය පවසනවා..

Share This