ශීත යුද්ධයෙන් පසු සිදුවූ විශාලම සිරකරු හුවමාරුව

ශීත යුද්ධයෙන් පසු සිදුවූ විශාලම සිරකරු හුවමාරුව

රුසියාව සහ බටහිර රටවල් අතර ඇති කරගත් එකඟතාවකට අනුව සිරකරුවන් හුවමාරුවක් සිදුවූ බව අමෙරිකාව තහවුරු කර තිබෙනවා.

ඒ අනුව දෙපාර්ශවයෙන්ම සිරකරුවන් 24ක් නිදහස් කෙරුණු අතර එය ශීත යුද්ධයෙන් පසුව රුසියාව සහ බටහිර රටවල් අතර සිදුවූ විශාලතම සිරකරුවන් හුවමාරුව ලෙසයි වාර්තා අතරට එක්ව ඇත්තේ.

තුර්කියේ අන්කාරා ගුවන්තොටුපළේදී එම සිරකරු හුවමාරුව සිදුව තිබෙනවා.

එහිදී රුසියාව සිරකරුවන් 16 දෙනෙකු නිදහස් කර ඇති බව සඳහන්.

ඒ අතරට ඔත්තු බැලීමේ චෝදනාව මත රුසියාව අත්අඩංගුවට ගත් අමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් සඟරාවේ වාර්තාකරුවෙකු වන ඉවාන් ගෙර්ෂ්කොවිච් ද ඇතුලත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නිදහස ලැබූ සිරකරුවන්ගේ ඥාතීන් ඕවල් කාර්යාලය වෙත කැඳවීමටද අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පියවර ගෙන තිබුණා.

Share This