ශුද්ධෝත්තම පාප් වහන්සේ නියුමෝනියා රෝගයෙන් පීඩාවට

ශුද්ධෝත්තම පාප් වහන්සේ නියුමෝනියා රෝගයෙන් පීඩාවට

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නියුමෝනියා රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටින බවට වතිකානය අනාවරණ කර තිබෙනවා.

උන් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් සංකීර්ණ වී ඇති බවයි එම වාර්තාවලින් පෙනී යන්නේ.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ රෝහල්ගත කළ අතර දැනට උන් වහන්සේ 88 වන වියේ පසුවන බව සඳහන්.

විදෙස් මාධ්‍යන්ට අනුව මේ වනවිට උන් වහන්සේගේ පෙනහැලි දෙකේම නියුමෝනියා රෝගී තත්ත්වයක් වර්ධනය වී තිබෙනවා.

එමෙන්ම පවතින රෝගී තත්ත්වය හේතුවෙන් පාප් වහන්සේගේ පැවති රෝගී තත්ත්වය තවත් තීව්‍ර සහ සංකීර්ණ වී ඇතැයි රෝහල් බලධාරීන් අනාවරණය කර ඇති බව සඳහන්.

Share This