ෂී ජින් පින්ගේ තුන්වන ධුර කාලය ‘තායිවානයට’ වඩාත් අභියෝගාත්මක වන ලකුණු

ෂී ජින් පින්ගේ තුන්වන ධුර කාලය ‘තායිවානයට’ වඩාත් අභියෝගාත්මක වන ලකුණු

චීන ජනාධිපති ෂී ජින් පින් චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 20 වැනි මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ලෙස තෙවෙනි වරටත් තේරී පත්වීම තායිවානයට වඩාත් අභියෝගාත්මක විය හැකි බව .විදෙස් මාධ්‍ය පවසනවා.

අන්තර්ජාතික දේශපාලන විශේෂඥයන් ගණනාවක් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ ෂී ජින් පින්ගේ තුන්වන වරටත් චීනයේ ජනාධිපති ධූරයට පත් වීම තායිවානයට සහ ලෝකයට ද අභියෝගවලින් පිරුණු එකක් විය හැකි බවටයි.

නුදුරු අනාගතයේ දී ඉන්දු-පැසිෆික් කලාපය යුද්ධයේ රඟහලක් වීමේ සම්භාවිතාවක් ඇති බව ද ඔවුන් සදහන් කර තිබෙනවා.

එක්සත් ජනපදයට පසු ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය එහි ආරක්ෂක තාක්ෂණයන් ඉහළ නැංවීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින අතර කාම්බෝජය සහ කිරිබාති වැනි විදේශීය වෙරළ තීරයන්හි මුරපොලවල් සංවර්ධනය කරමින් සිටිනවා.

චීනය මේ වසරේ අප්‍රේල් මාසයේදී සොලමන් දූපත් සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළ අතර එමඟින් සොලමන් දූපත්වල චීන නිලධාරීන් සහ ප්‍රධාන ව්‍යාපෘති ආරක්ෂා කිරීමට හමුදාවන් යෙදවීමට ද ඉඩ සැලසී තිබෙනවා.

චීනය සිය හමුදාවන්ගේ වෘත්තීය පුහුණුව සඳහා ද විශාල වශයෙන් ආයෝජනය කරමින් සිටින බවයි පැවසෙන්නේ.

චීනය සිය සන්නද්ධ හමුදා පුහුණු කිරීම සඳහා වෙනත් රටවල හිටපු හමුදා නිලධාරීන් යොදා ගැනීම පිළිබඳව ද මාධ්‍ය වාර්තා පළවී තිබෙනවා.

Share This