ෂේන් වෝන් ඉපයූ වත්කම ‘අවසන් කැමැත්තෙන්’ බෙදා ඇති හැටි

ෂේන් වෝන් ඉපයූ වත්කම ‘අවසන් කැමැත්තෙන්’ බෙදා ඇති හැටි

පසුගිය කාලයේ ජිවිතයෙන් සමුගත් ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත පිළිබඳව තොරතුරු රැසක් විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

ෂේන් වෝන් තමන් සතුව තිබු වත්කමෙන් කොටසක් ඔහුගේ දරුවන් තිදෙනා වෙත ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

වික්ටෝරියාහි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද ඔහුගේ අවසාන කැමති පත්‍රයේ සඳහන්ව ඇත්තේ සොහොයුරා වන ජේසන්ට මෙන්ම ඔහුගේ ලේලිය සහ බෑණාට ද වත්කම් වෙන්කර ඇති අතර බවයි.

හිටපු බිරිඳට වත්කම් කිසිවක් ලබාදීමට අවසන් කැමැත්තෙන් වෝන් තීරණයක් ගෙන නොමැති බවද සඳහන්.

ෂේන් වෝන්ගේ වත්කම් පිළිබඳව අධිකරණය වෙත ලබා දෙන ලද වාර්තාවල සඳහන් වන්නේ ඩොලර් 20,711,013.27 ක් ලෙසයි.

වෝන්ගේ වත්කම්වලට වික්ටෝරියා හි පෝට්සි හි පිහිටි ඔහුගේ සුඛෝපභෝගී නිවස,වාහන සහ පෞද්ගලික බඩු බාහිරාදියද ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ

Share This