සංක්‍රමණික ජනාවාසයක ඇති වූ ගින්නකින් වෙනිසියුලානු ජාතිකයින් 14ක් මරුට

සංක්‍රමණික ජනාවාසයක ඇති වූ ගින්නකින් වෙනිසියුලානු ජාතිකයින් 14ක් මරුට

දකුණු Coronel නගරයේ සංක්‍රමණික ජනාවාසයක ඇති වූ ගින්නකින් වෙනිසියුලානු ජාතිකයින් 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා

ගින්නට හේතුව පිළිබඳව චිලී බලධාරීන් විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ

මියගිය අය අතර ළමුන් 8 දෙනෙකු සිටින බව Coronel නගරයේ නියෝජ්‍ය නගරාධිපති Javier Valencia පවසනවා

ගින්නෙන් විනාශ වූ නිවාස දෙකක පවුල් තුනක් ජීවත්ව ඇති අතර අනවසර ඉඩම්වල නිවාස ඉදිකිරීමේ මෑත කාලීන වර්ධනයක් පිළිබඳවද Javier Valencia සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

දකුණු චිලි රාජ්‍යයේ ප්‍රධාන නගරයක් වන Concepcion ට ආසන්නව ඇති Coronel, දකුණු අර්ධගෝලයේ ගිම්හානය නිසා ඇතිවන අධික උෂ්ණත්වය හේතුවෙන් ලැව්ගිනිවලින්ද දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශයක්.

Share This