සංක්‍රමණික ජාවාරම සම්බන්ධයෙන් යුරෝපා සංගමය ටියුනීසියාව සමග හවුල් ගිවිසුමක

සංක්‍රමණික ජාවාරම සම්බන්ධයෙන් යුරෝපා සංගමය ටියුනීසියාව සමග හවුල් ගිවිසුමක

යුරෝපා සංගමය ටියුනීසියාවේ ජනාධිපති Kaïs Saïed සමග හවුල් ගිවිසුමක් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සංක්‍රමණික ජාවාරමට එරෙහිව සටන් කිරීම අරමුණු කර ගෙන මෙම හවුල් ගිවිසුම ඇති කරගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට යාමට උත්සාහ කරන සංක්‍රමණිකයන්ගේ ප්‍රධාන පිටවීමේ ස්ථානය බවට ටියුනීසියාව පත්ව තිබෙනවා

ටියුනීසියාවේ ගිවිසුම පිළිබඳව නිවේදනය කරමින්, යුරෝපීය කොමිසමේ සභාපති Ursula von der Leyen දේශසීමා කළමනාකරණය සහ සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳ සහයෝගීතාව වැඩි කිරීමට පොරොන්දු වූ බව විදෙස් මාධ්‍ය පවසනවා

ඉතාලියේ අන්ත දක්ෂිණාංශික අගමැති ජෝර්ජියා මෙලෝනි පැවසුවේ මෙය සංක්‍රමණ අර්බුදය විසඳීම සඳහා වූ සැබෑ හවුල්කාරිත්වයක් ඇති කිරීම සඳහා වැදගත් පියවරක් බවයි.

ටියුනීසියාවේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම සම්බන්ධයෙන් මෙම ගනුදෙනුව කොන්දේසි සහිත විය යුතු බවට යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This