සංක්‍රමණිකයන් බවට සැක කෙරෙන හය දෙනෙකු ප්‍රංශයේදී බේරා ගැනේ

සංක්‍රමණිකයන් බවට සැක කෙරෙන හය දෙනෙකු ප්‍රංශයේදී බේරා ගැනේ

ප්‍රංශයේ ලොරි රථයක පිටුපස සිටි සංක්‍රමණිකයන් බවට සැක කෙරෙන හය දෙනෙකු බේරා ගැනීමට සමත්වී තිබෙනවා

වියට්නාම ජාතික කාන්තාවන් හතර දෙනෙක් සහ ඉරාක ජාතික කාන්තාවන් දෙදෙනෙකු එහි සිරවී සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමෙන් පසු ඔවුන්ගෙන් එක් අයෙක් ලොරිය තුළ සිට BBC පුවත් සේවයට කතා කිරීමෙන් පසු ඔවුන් සොයා ගැනීම සඳහා පොලිසියට දැනුම් දී තිබෙනවා

ප්‍රංශ පොලිසිය රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දැන් සැක සහිත නීතිවිරෝධී සංක්‍රමණ ජාලයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

වියට්නාම ජාතිකයින් හතර දෙනා පවසන්නේ තමන් ආරක්ෂිතව එංගලන්තයට රැගෙන යන බවට පොරොන්දු වීමෙන් පසු ඔවුන් මෙම ලොරියට ගොඩ වූ බවයි.

ලිතුවේනියාවේ සිට ඔවුන් පිටත්ව ඇති අතර බාලවයස්කාරියක් වියට්නාම ජාතිකයන් හතරදෙනා අතර සිටින බවද සඳහන්

Share This