සංචාරක ස්ථානවල ධාරිතාව ඉක්මවයි

සංචාරක ස්ථානවල ධාරිතාව ඉක්මවයි

දෙස් විදෙස් සංචාරකයින් වර්ෂ අවසානයේ නිවාඩු සමය ගත කිරීම සඳහා සංචාරක ස්ථාන කරා පැමිණිම ඉහළ යාම හේතුවෙන් එම ස්ථානවල ධාරිතාව ඉක්මවා අධික තදබදයක් හට ගෙන ඇති බව වාර්තා වනවා

විදෙස් සංචාරකයින් ලක්ෂ 02කට අධික පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරයේ නිරත වන බව සඳහන්

මේ හේතුවෙන් ජීවිත ආරක්ෂාව, පරිසරයේ ආරක්ෂාව සහ සංචාරක ස්ථානයේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් විදෙස් සංචාරකයින්ට ද බාධා නොවන අයුරින් නිවාඩු සමය ගත කරන ලෙසයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ

Share This