“සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකාව කදිම තෝතැන්නක්” අන්තර් ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ නියෝජිතයන් පවසයි

“සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකාව කදිම තෝතැන්නක්” අන්තර් ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ නියෝජිතයන් පවසයි

සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකාව කදිම තෝතැන්නක් බව අන්තර් ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ නියෝජිතයන් ප්‍රකාශ කර තිබෙනවා.

පළමු අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ ඕස්ට්‍රේලියානු නවසීලන්ත සහ ආසියානු සබැදි සමුළුවට සහභාගී වූ තෙත්බිම් නියෝජිතයන් සීතාවක ඔඩිසි දුම්රියෙන් සීතාවක ප්‍රදේශයේ සංචාරයකට එක් වෙමින් මෙම අදහස් පළ කර ඇති බව සඳහන්.

එහිදී කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානය, සීතාවක උද්භිද උද්‍යානය ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වී තිබෙන බවයි වාර්තා වන්නේ.

සීතාවක සංචාරක කලාපය තිරසර සංචාරක කලාපයක් ලෙස පත්කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පවත්වා තිබෙනවා.

අප්‍රකට සංචාරක සංධිස්ථාන සඳහා දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය යොමු කරවීම මෙහි අරමුණ වී ඇති බව සඳහන්.

එයට අමතරව සීතාවක ප්‍රදේශයේ කිතුල් කර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්තයන් සංචාරක ක්ෂේත්‍රය සමගම වැඩි දියුණු කිරීමටද බලාපොරොත්තු වන අතර ආයුර්වේදමය වශයෙන් වැදගත් වන පරිසර පද්ධතියක් පවතින සීතාවක කලාපයේ වටිනාකම හඳුනාගනිමින් ඖෂධ නිෂ්පාදනය සහ ප්‍රතිකාර ක්‍රම සඳහා මධ්‍යස්ථාන ඇති කිරීමටද අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

Share This